ලබන 02 සිට ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කෙරේ.

ලබන දෙවැනිදා සිට ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කෙරේ.

by Chathurika Jayasundara 29-05-2025 | 7:40 AM

COLOMBO (News 1st) - ජාතික බදු සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ , ලබන දෙවැනිදා සිට 08 වැනිදා දක්වායි.

රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ,මෙමගින් රජයේ බදු ආදායම ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවයි.

රේගුව , දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මගින් එම සතිය තුළ ජනතාව දැනුවත් කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් ද සංවිධානය කර තිබේ.

ජාතික බදු සතිය ලබන සඳුදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරිමට නියමිතයි.