වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි...

වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි මුදලක්

by Staff writer 05-06-2025 | 11:17 AM

COLOMBO (News1st) - වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි මුදල් ලබාදෙන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේ, වගා හානි තක්සේරුව මේ වන විට සිදු කෙරෙන බවයි.

ඒ සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.

වගා හානි පිළිබඳ තොරතුරු 1918 අංකය අමතා, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට දැනුම් දිය හැකියි.