.webp)
ලබන 13 වැනිදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක අතර එම කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා තැබෙනු ඇති.
'අනුබුදු දහමින් ලොවම නිවේවා' යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.
මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මේ වෙනුවෙන් අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් පිංකම් රැසක් සංවිධාන කර තිබේ.
2333 වන ජාතික පොසොන් උත්සව වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සියළු පහසුකම් සූදානම් කර ඇතැයි පොසොන් උත්සව කමිටුවේ සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතා සඳහන් කළේ ය.
අනුරාධපුර සිට මිහින්තලය දක්වා නොමිලේ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බවද ඔහු ප්‍රකාශ කළේ ය.
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරට පැමිණීමේදී පොලිතීන් සහ ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වළකින ලෙසද රංජිත් විමලසුරිය මහතා සැදැහැවතුන්ට දැනුම් දෙයි.
මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසයි.
මිහින්තලය හා අටමස්ථානය මුලික කරගෙන එම වැඩපිලිවෙළ ක්‍රියාත්මක අතර ඒ සදහා අනියුක්ත කර ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව 8,000කි.
ජිවිතාරක්ෂක කණ්ඩායම්, රථවාහන හැසිරවීමට සහ ආරක්ෂක කටයුතු සඳහා එම පොලිස් නිලධාරීන් යෙදවීමට නියමිතව තිබේ.