.webp)
COLOMBO (News 1st): බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 10ක කාලයක් ප්රකාශ ලබාගෙන තිබේ.
ඒ, ජනපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ය.
ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පොහොය දිනයේ නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ දෙවන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.
තුෂාර උපුල්දෙනිය මහතාගෙන් පෙරේදා රාත්රියේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5 ක කාලයක් ප්රකාශ ලබාගනු ලැබුවේ ය.
මේ අතර, අදාළසිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ඊයෙ රාත්රී අත්අඩංගුවට ගත්තේ ය.
52 හැවිරිදි බන්ධනාගාර අධිකාරිවරයා දකුණු කළුතර පදිංචිකරුවෙකි.
අද ඔහු අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.