.webp)
පසුගිය 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ පැවති ඡන්ද විමසීමකදි ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ නගරාධිපති ලෙස තෝරා පත්කර ගැණුනි.
පැවති රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 61 ක් ඇයට හිමිවූ අතර ප්‍රතිවාදී අපේක්ෂක රීසා සාරුක් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 54 කි.
1956 වසරෙන් පසුව කොළඹ මහනගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හෝ ඊට අනුබද්ධ පාර්ශ්වයකින් පළමු වරට ගිලිහී ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස හේමන්ත කුමාර මහතා ද අද වැඩ භාර ගනු ලැබී ය.
ඔහු ඒ සඳහා තෝරා ගැණුනේ නිතරගයෙන්.
පසුගිය දා පැවති පළාත් පාලන මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අනුව කොළඹ මහනගර සභාවේ ආසන 117 ,බෙදී ගියේ,,
ජාතික ජන බලවේගය ආසන 48,ක්
සමගි ජන බලවේගය ආසන 29,ක්
එක්සත් ජාතික පක්ෂය ආසන 13,ක්
පොදුජන පෙරමුණට ආසන 5 ,ක් සහ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 4 ක් ලෙසයි..
තවත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් අතර අනෙකුත් ආසන බෙදී ගියේය.