.webp)
COLOMBO (News 1st) - පසුගිය උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක්වූ විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (22) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චියේදීයි.
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුසලතා දැක් වූ සිසුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්රදානය කිරීම, මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.
මේ සඳහා එක් දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් සිසුන් 60 දෙනෙකු තෝරා ගනු ලබයි.
ඒ අනුව හෙට කිළිනොච්චියේදී පැවැත්වෙන්නේ පළාත් අනුව ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවක පළමු වැන්නයි.
එහිදී 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල සිසුන් ඇගයීමට ලක් කිරීමට නියමිත වේ.