මොරගල්ලෙන් ගිය යාත්‍රාවේ ධීවරයින් සොයා මෙහෙයුම්

මොරගල්ලෙන් මුහුදු ගොස් අනතුරට පත්ව අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයන මෙහෙයුම තවදුරටත්

by Staff writer 29-06-2025 | 11:50 AM

COLOMBO (News1st) - මොරගල්ලෙන් මුහුදු ගොස් අනතුරට පත්ව අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයන මෙහෙයුම තවදුරටත්

කළුතර, මොරගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් සිටියදී අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සෙවීමේ මෙහෙයුම් ද, අඛණ්ඩව ක්‍රියාත්මක බව, නාවික හමුදාව පවසයි.

එලෙස මුහුදු ගොස් තිබෙන්නේ එක්දින ධීවර යාත්‍රාවකි.

ඔවුන් මුහුදු ගොස් තිබෙන්නේ ඊයේ උදෑසනයි.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සඳහන් කළේ, අනතුරින් විපතට පත්වූ ධීවරයින්ගේ පවුල්වලට සහන සැලසීමට උපදෙස් දුන් බවයි.