නවක වදය, වැලැක්වීමට අවශ්‍ය නිර්දේශ සම්පාදනයට පියවර

නවක වදය, වැලැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කරන්නැයි, අගමැති හරිනිගෙන් උපදෙස්

by Staff writer 03-07-2025 | 9:31 AM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාලවල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැලැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කරන ලෙස අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය , අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඒ , උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර පළමු වරට ඊයේ(02) පැවති සාකච්ඡාවකදීයි.

එහිදී ප්‍රධාන වශයෙන් තීරණ කිහිපයක් ගෙන ඇති අතර ඉන් ප්‍රධාන වන්නේ නවක වදය පිටුදැකීමට, පවතින නීති යාවත්කාලීන කිරීම සහ වින්දිතයින් සඳහා වාර්තා කිරීමට සහ ක්‍රියාමාර්ග ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීමයි.