බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්, සැකකරුවන් 341ක් අත්අඩංගුවට...

by Staff writer 05-07-2025 | 9:37 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 341 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (04) රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කළ මෙහෙයුමට පොලීසිය, ගුවන්, යුද හා නාවික හමුදා මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද, සහභාගී වූ බවයි.

මෙහෙයුමේදී හෙරොයින් ග්රෑම් 324 කට අදාළව නඩු 159 ක් ගොනු කළ බව ද, පොලීසිය සඳහන් කළේ ය.

ඊට අමතරව අයිස් ග්රෑම් 332 කට අදාළව නඩු 203 ක්, ගංජා ග්රැම් 294 කට අදාළව නඩු 160 ක් සහ නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු 181 ක් ගොනු කිරීමට තීරණය කර තිබේ.

පොලීසිය පැවසුවේ, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.