දෙවැනි එක්දින තරගයේ ජය බංග්ලාදේශයට

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි එක්දින ‍තරගය බංග්ලාදේශය ලකුණු 16කින් ජය ගනී...

by Staff writer 05-07-2025 | 10:36 PM

COLOMBO (News 1st) - සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය බංග්ලාදේශය ලකුණු 16කින් ජය ගත්තේ ය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 248ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 232ක් පමණි.