COLOMBO (News1st) - කාදිනල් හිමිපාණන්ගේ පූජක දිවියේ 50 වන ජුබිලි මහෝත්සවය වෙනුවෙන් බොරැල්ල පොලිස් වසමේ කොළඹ අගරදගුරු මැදුරේදී ප්රභූවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල ප්රමාණයක සහභාගිත්වයෙන් හෙට(07) විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව, ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හෙට(07) දින සවස 03.00 සිට රාත්රී 09,00 දක්වා
බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙස, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බරවාහන ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කරනු ඇත.
