හිටපු ඇමති රාජිතගේ ඇප අල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

හිටපු ඇමති රාජිතගේ ඇප අල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

by Staff writer 18-07-2025 | 5:24 PM

COLOMBO (News 1st) - අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානම් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය අද ප්‍රතික්ශේප කළේ ය.

පසුගිය ජුලි14 වැනිදා කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බව පවසමින් හිටපු අමාත්‍යවරයා මෙම අපේක්ෂිත ඇප ඇයදුම්පත ගොනු කළේ ය.

ඒ අනුව ඇප අයැදුම අද කැඳ වූ අවස්ථාවේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කරුණු දක්වමින් කියා සිටියේ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ධීවර වරාය නීතිගතව සංස්ථාවට ඉදිරිපත්කළ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධීව විදේශීය සමාගමකට භාරදී රජයට රුපියල් ලක්ෂ 263කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

සැකකාර ර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දැන් වූ නමුත්, තමන්ට අසනීප බවට කරුණු ඉදිරිපත් කරමින් ඔහු අල්ලස් කොමිසම දිගින් දිගටම මගහරිමින් සිටින බව ද කොමිසස අධිතරණය දැන්වූවේ ය.

එබැවින් අධිකරණය හා අල්ලස් කොමිසම මගහැර සිටින සැකකරුගේ ඇප ඉල්ලීම ඉවත දමන ලෙස එම නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී මහතා කියා සිටියේ, සිය සේවාදායකයා 2005/2010 වර්ෂ වල ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවයි.

එම කාල සීමාවේ කිරින්ද වෙරළ තීරයේ වැලි ගොඩ ගැසී තිබීම නිසා ධීවරයන්ට නිසි පරිදි රැකියා  කටයුතු කර ගැනීමට නොහැකි වූ බව ද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා. 
ඒ අනුව ධීවර කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට අවහිරයක්ව තිබූ වැලි ඉවත් කිරීම සඳහා වැලි ගොවුවා නමැති යාත්‍රාව යෙදවීමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබූ බවද ඔහු පැවසූවේ ය.

තම සේවා දායකයා ධීවර අමාත්‍යවරයා සිටින අවධියේදී ධීවර වරායන් 17ක සිදුව තිබූ මිලියන 227ක පාඩුව මිලියන 90ට අඩු කළ බවත් නව ධීවර වරායන් හයක් සහ අලුත් නැංගුරම් 140 වඩා ප්‍රමාණයක් පිළිසකර කර තිබෙන බව ද ජනාධිපති නීතීඥවරයා  පැවසූවේ ය.

විමර්ශනයට සිය සේවාදායකයා අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බවත් එබැවින් සිය ඉල්ලීම් ලබා දෙන ලෙසත් ජනාධිපත් නිතීවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම ප්‍රතික්ශේප කරන බව දන්වා සිටියා ය.