ජෙට් යානයක් ,බංග්ලාදේශයේ පාසලකට කඩා වැටෙයි...

ජෙට් යානයක් ,බංග්ලාදේශයේ පාසලකට කඩා වැටෙයි...

by Haindu Gihan 21-07-2025 | 4:38 PM

COLOMBO (News 1st) - බංග්ලාදේශයේ ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක්,ඩකා නුවර පාසලක් වෙතට කඩා වැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ පාසල තුළ ළමුන් සිට ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,මෙම අනතුරින් පුද්ගලයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

යානය කඩා වැටී ඇත්තේ ඩකා නුවර උත්තරා ප්‍රදේශයේ පිහිටි පාසලක් වෙතයි.

මෙලෙස කඩා වැටී ඇත්තේ,එරට ගුවන් හමුදාවට අයත් F-7 BGI වර්ගයේ ජෙට් යානයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.