.webp)
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 පමණ දක්වා ඉහළ යා හැකි බවයි.
හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙන්නේ, ඉදිරි පැය 24 සදහා මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසයි.
මේ අතර ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතවන බහුදින ධීවර යාත්‍රා සඳහා මුහුදු යාමට අවසර ලබාදී ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා දැනුම් දෙන්නේ, වෙරළාසන්නයේ ධීවර කටයුතුවල නිරතවන කුඩා ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වලකින ලෙසයි.
නිවේදන නොසලකා මුහුදු යන කුඩා ධීවර යාත්‍රා සඳහා වන්දි මුදලක් හෝ ලබා දීමට හැකියාවක් නැතැයිද ඔහු සඳහන් කළේ ය.