දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

by Staff writer 22-07-2025 | 9:21 AM

COLOMBO (News 1st) - සබරගමුව පළාතේ මෙන්ම නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද(22) මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වලට තද සුළං ද ඇති විය හැකියි.

මේ අතර හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ යාත්‍රා කිරිමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් දී තිබේ.