පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

by Staff writer 22-07-2025 | 8:21 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද(22) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතය.

ඒ, කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව අද(22) දිනයේ සේවකයින්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයින්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

පසුගිය මස 03 වැනිදා එම පනත් කෙටුම්පත් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.