IMF පස් වැනි සමාලෝචනයේ පූර්වගාමී සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වැනි සමාලෝචනයේ පූර්වගාමී සාකච්ඡා වටයේදී මොකද වුණේ?

by Staff writer 25-07-2025 | 10:11 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වැනි සමාලෝචනයේ පූර්වගාමී සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ධූත මණ්ඩල ප්‍රධානී එවන් පර්පජෝජු මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් විසින් එම සාකච්ඡා සිදු කරන බවයි.

එම සාකච්ඡා ආරම්භ කෙරුණේ පසුගියදා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙනි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,මේ දිනවල මුදල් අමාත්‍යංශය ඇතුළු ආර්ථික අතින් වැදගත් කාර්යන් ඉටුකරන රාජ්‍ය ආයතන කිහිපයක් සමග ඔවුන් සාකච්ඡා කරන බවයි.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා රේගුව, විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන සමග ඔවුන් සාකච්ඡා පවත්වමින් සිටින බව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ හෙටින් එම සාකච්ඡා අවසන් වන බවයි.

මේ අතර ශ්‍රී ලංකාව සදහා වන ණය පහසුකමට අදාළව 5 වන සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සදහන් කළේ,  එහිදී ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් පිළිබඳව සලකා බලන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය ඊයේ(24) පස්වරුවේ මාධ්‍ය හමුවකට සහභාගී වුණා ය.

වෙනත් ලිපි