.webp)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේ, ලැබුණු තොරතුරක් මත ඔවුන්ගේ සිරුරු සොයාගත් බවයි.
52 හැවිරිදි චම්පික නිලන්ත මහතා පදිංචිව සිටියේ පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේයි.
අද අලුයම අවදි වූ, ඔහුගේ 12 හැවිරිදි බාල දියණිය නිවසට යාබදව පිහිටි ස්ථානයක තිබූ සිය පියාගේ සිරුර දැක අසල්වැසියන් දැනුවත් කර තිබේ.
පොලිසිය පැවසුවේ, පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමකින් පසුව නිලධාරීන් පිරිසක් අදාළ නිවස පරීක්ෂා කළ බවයි.
එහිදී නිවසට යාබදව නයිලෝන් ලණුවකින් එල්ලී තිබූ චම්පික නිලන්ත මහතාගේ සිරුර සොයාගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, නිවසේ උඩු මහලේ කාමරයක මියගොස් සිටි ඔහුගේ 17 හැවිරිදි වැඩිමහල් දියණියගේ සිරුරත් නිවස තුළ තවත් ස්ථානයක තිබී 44 හැවිරිදි බිරිඳගේ සිරුරත් හමුවූ බවයි.
මියගිය චම්පික නිලන්ත මහතාගේ බාල දියණිය ප්‍රකාශ කර ඇති ආකාරයට විනෝද චාරිකාවක් ගොස් ඊයේ (28) රාත්‍රියේ පැමිණි එම දියණිය නිවසට කැඳවා ගෙනවිත් තිබුනේද නිලන්ත මහතායි.
පියා වයරයක් ද රැගෙන ඊයේ රාත්‍රියේ තම කාමරය අසලට පැමිණි බව බාල දියණිය පොලිසියට පවසා ඇත.
නමුත් ඇයට කිසිදු අනතුරක් සිදුව තිබුනේ නැහැ.
පොලිසිය පවසන්නේ, නිලන්ත මහතාගේ වැඩිමහල් දියණිය හා බිරිදගේ ගෙල ලකුණුවකින් සිරකළ සලකුණු දක්නට ඇති බවයි.
ඔවුන් දෙදෙනා ඝාතනය කර පසුව චම්පික නිලන්ත මහතා දිවි හානිකරගන්නට ඇතැයි, පොලිසිය මෙතෙක් කළ විමර්ශන අනුව සැක පලකරයි.
මියගිය නිලන්තගේ ඥාති දියණියක්
''අපේ තාත්තාගේ මල්ලි නැති වුණේ පුංචියි ලොකු නංගියි මගේ ග්‍රැජුවේශන් එක තිබ්බා ගිය සතියේ ඒකට ආවා ++ එයාට මොකක් හරි ප්‍රශ්ණයක් තිබ්බා එයා මොකක් හරි කරපු බිස්නස් එකක කවුරු හරි කෙනෙක් එයාට තර්ජනය කරා වගේ ප්‍රශ්ණයක් තිබ්බා.ඒකෙන් කනස්සල්ලෙන් හිටියේ අපේ තාත්තලා විස්තර හැම දෙයක්ම දන්නවා ඒක තාම තිබ්බා කියලා හොඳටම තේරුණා.''
පොලිසිය පවසන්නේ, චම්පික නිලන්ත මහතා ලියූ බවට සැකකෙරන ලිපියක් නිවසේ තිබී සොයාගත් බවයි.
මුදල් ගනුදෙනුවක් මුල්කරගෙන පැවති තර්ජනාත්මක තත්ත්වයක් පිළිබඳව කරුණු එම ලිපියෙන් අනාවරණ වන බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
එහි නම සඳහන්ව තිබූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ද පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.