.webp)
හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා සඳහන් කළේ, ඒ අනුව 400g අයඩින් මිශ්ර ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 100 දක්වා අඩු කළ බවයි.
1Kg කැට ලුණු පැකට්ටුවක මිල රුපියල් 180 සිට රුපියල් 150 ක් දක්වා අඩු කර ඇත.
මීට අමතරව සතොස අලෙවි සැල් හරහා බෙදා හැරීමට 400g ලුණු පැකට්ටුවක් රුපියල් 90 කටත් 1Kg කැට ලුණු පැකට්ටුවක් රුපියල් 140 ක නිකුත් කරන බවද, සභාපතිවරයා ප්රකාශ කළේ ය.