නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවීමට සැලසුම්

නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවීමට සැලසුම් - ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය

by Staff writer 22-08-2025 | 8:53 AM

COLOMBO (News 1st) -නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

එහි සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ, උතුරු පළාතේ ආයෝජන කාලප තුනක්, වයඹ ,නැගෙනහිර හා දකුණු පළාත් වල එක් ආයෝජන කලාපය බැගින් ඒ අනුව පිහිටුවන බවයි.

අක්කර 300 ක විශාලත්වයෙන් යුත් උතුරු පළාතේ කන්කසන්තුරෙයි ආයෝජන කලාපයේ ඇගලුම් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතයි

අක්කර 200 ක විශාලත්වයෙන් යුත් පරන්තන් ආයෝජන කලාපයේ රසායානික නිෂ්පාදන කම්හල් පිහිටුවීමට නියමිත බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මාන්කුලම් ආයෝජන කලාපය අක්කර 200 ක විශාලත්වයෙන් යුක්තයි.

කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන එකතු කළ අගය මත අපනයනය කිරීම සඳහා එහි පහසුකම් සැලසෙයි.

අර්ජුන හේරත් මහතා පැවසුවේ, ඉරණවිල ආයෝජන කලාපයේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පිහිටුවන බවයි.

මඩලකපුව එරාවුර් හි පිහිටුවන ආයෝජන කාලාපයේ ඇගලුම් නිෂ්පාදනට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටදී නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලා පිහිටුවනු ඇති.

හම්බන්තොට ආයෝජන කලාපය ඖෂධ නිෂ්පාදන සමාගම් පිහිටුවීමට නියමිතයි.

මෙම නව ආයෝජන කලාප පිහිටුවීමත් සමග ප්‍රාදේශීය වශයෙන් ආයෝජන ගලා යාම වේගවත් වී ඒ ආශ්‍රිතව නව රැකියා අවස්ථා රැසක් බිහිවනු ඇති බව ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා ප්‍රකාශ කළේ ය.