හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ඇප..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ඇප..

by Staff writer 26-08-2025 | 4:17 PM

COLOMBO (News 1st) -රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා දුන්නේ ය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය එම නියෝගය නිකුත් කළේ , රනිල් වික්‍රමසිිංහ මහතාගේ වර්තමාන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් ය.

අද පස්වරු එකට පමණ ඔහුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා zoom ඔස්සේ අධිකරණයේ පෙනී සිටියේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත්තේ, රජයේ මුදල් වලින් සිදු කළායැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා මත කෙරෙන විමර්ශනයට අදාළවයි.

2023 වසරේ සැප්තැම්බැර් 22 සහ 23 යන දිනවල මහජන මුදල් රුපියල් ලක්ෂ 166 ක් භාවිත කරමින් පුද්ගලික සංචාරයක් යෑම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වෙයි. 
 

වෙනත් ලිපි