රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු 3ක් මරුට

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් හා වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තුන් දෙදෙනෙකු මරුට

by Staff writer 27-08-2025 | 9:39 AM

COLOMBO (News 1st) - කුලියාපිටිය,පල්ලෙපිටිය විල්පොල පාලම අසලදී  පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් හා වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් අද(27) උදෑසන ගැටීමෙන්  පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තුන් දෙනෙකු මියගොස් තිබේ.

මියගිය අනෙක් පුද්ගලයා වෑන් රථයේ රියදුරායි

අනතුරෙන් තවත් සිසුන් 13කු  තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය පවසයි.