ජපානය සහ ඉන්දියාව අතර එකඟතාවයක්

ජපානය සහ ඉන්දියාව අතර එකඟතාවයක්...

by Staff writer 27-08-2025 | 11:00 AM

COLOMBO (News 1st) - ඉදිරි වසර පහ තුළ ජපානය සහ ඉන්දියාව අතර ලක්ෂ 5කට අධික වෘත්තිකයින් පිරිසක් හුවමාරු කර ගැනීමට එකඟ වී තිබේ.

ඒ පිළිබඳ ජපාන අගමැති ඉෂිබා ෂිගේරු සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකඟතාවලට පැමිණීමට නියමිතය.

සංචාරක, අධ්‍යාපන සහ ශ්‍රම බලකා ආදී ක්ෂේත්‍රයන් යටතේ එම ශ්‍රමිකයින් හුවමාරු කර ගැණෙනු ඇත.

එළඹෙන සිකුරාදා (29) ඔවුන් දෙදෙනා අතර සිදුවන හමුව අතරතුර මේ පිළිබඳ ගිවිසුමකට අත්සන් තබනු ඇත.

දෙරට අතර කෘත්‍රිම බුද්ධිය සහ දියුණු වෛද්‍ය පර්යේෂණ ආදි ක්ෂේත්‍රයන්හි සබඳතා ඇතිකර ගැනීමද එම හමුවේ අරමුණක් වී තිබේ.