ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදයි

by Staff writer 02-09-2025 | 7:11 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට යෙදී තිබේ.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ අද වැනි දිනක පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙන්නේ මැද මාවතේ දේශපාලන පක්ෂයක් ලෙසයි.

1956 වසරේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග එක්රැස් කරමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙරට සිව්වන ආග්‍රාමාත්‍යවරයා ලෙස අණ්ඩු බලය අත්පත් කර ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය වටා ජනතාව එක් රැස් කර ගනිමින් ය.