.webp)
පොලීසිය පැවසුවේ, ඊට අමතරව පොලිස් නිල ලාංජනය සහිත ටී ෂර්ට් තුනක් ද සොයා ගත් බවයි.
රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, මිද්දෙණියේ ඉඩමක වල දමා තිබියදී රසායනික ද්‍රව්‍ය තොගය ගොඩගනු ලැබුවේ ය.
ඒවායේ බර, කිලෝග්රෑම් 50 000 ක්.
මේ අතර තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයෙන් ද එවැනි රසායනික ද්‍රව්‍ය තොගයක් ද ඊයේ (07) සොයා ගැණින.
පොලීසිය සඳහන් කළේ, මිද්දෙණියේදී සොයාගත් ද්‍රව්‍ය සහ මෙම තොගය එකම පිරිසක් විසින් රැගෙන එන්නට ඇති බවට සැක කරන බවයි.
එහි සාම්පල්ද වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිත අතර පොලිසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අද තංගල්ල අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
මෙම රසායනික තොග දැනට රැඳවුම් භාරයේ පසුවන කෙහෙල්බද්දර පද්මේ, පානදුර නිලංග සහ බැකෝ සමන්ට අයත් ඒවා බව පොලීසිය ප්‍රකාශ කළේ ය.