කෙහෙළිය පවුලේ නඩුවට දින නියම කෙරේ

අයථා වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් කෙහෙළිය පවුලේ නඩුවට දින නියම කෙරේ

by Staff writer 15-09-2025 | 8:42 PM

COLOMBO (News 1st) - අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් පළමුවනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය අද දින නියම කරන ලදි.

නඩු විභාගය සදහා අවශ්‍ය බවට විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් විවෘත අධිකරණයේදී භාර දෙනු ලැබීය.

තවත් අවශ්‍ය ලේඛන ඇත්නම් ඒ සම්බන්ධව සති දෙකක් ඇතුලත අධිකරණයට දන්වා සිටින ලෙස විත්ති පාර්ශ්වයට නියම කළ විනිසුරුවරිය නඩුව යළි ඔක්තෝබර් 1 වැනිදා කැඳවීමට දින නියම කරන ලදි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධි චෝදනා 43 යටතේ කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය ජුනි 26 වැනිදා අධි චෝදනා ගොනු කළේ ය.