.webp)
COLOMBO (News 1st) - පරිසරයට සහ දේශීය මත්ස්‍යයින්ට හානිකර විසිතුරු මසුන් වර්ග 4ක් ආනයනය, ළඟ තබා ගැනීම සහ විකිණීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
ඊට හේතුවී ඇත්තේ දැනටමත් අදාළ ආක්‍රමණශීලී මසුන් දේශීය ජලාශවලට මුදාහැරීම නිසා අපේ රටේ මිරිදිය මත්ස්‍ය සම්පත විනාශ වීමේ තත්ත්වයක් මතුවීමයි.
මොනවාද මේ තහනම් කරන සුරතල් මසුන් වර්ග?
ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
සුසන්ත කහවත්ත මහතා පැවසුවේ නයිෆ්, රෙඩ්ලයින් ස්නේක් හෙඩ්, ඇලිගේටර්, පිරානා යන මාලු වර්ග තහනම් කිරීමට පියවර ගන්නා බවයි.
නිවෙස්වල ඇති කරන මසුන් සිටීනම් ජලජීවී වගා සංවර්ධන අධිකාරියට ගෙනැවිත් භාර දෙන ලෙසත් එතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදි.