.webp)
COLOMBO (News 1st) - ලබන පෙබරවාරි මාසයේ පැවැත්වෙන අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබන මස 09 වැනිදා දක්වා අයැදුම්පත්‍ර යොමු කළ හැකි බවයි.
පාසල් අයැදුම්කරුවන් විදුහල්පති මගින් අයැදුම්පත්‍ර යොමු කළ යුතු ය
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk. වෙත පිවිස අයදුම්පත්‍ර යොමු කළ යුතුයි.