.webp)
COLOMBO (News 1st) - අමෙරිකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ ඇති බැදීම් අඛණ්ඩව උල්ලංඝණය කිරීම මෙම තීරණයට හේතු වී ඇති බවය.
කෙසේ නමුත් අමෙරිකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගාවලි සඳහා සහභාගී වීම සඳහා හැකියාව පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.