.webp)
 (1)-621455.jpg)
එම සමීක්ෂණයට අනුව මෙරට මුහුදු කලාපයේ උෂ්ණත්වය ඉහළ යෑමත්, ඒ තුළින් ශාක ප්ලවාංගවලට සිදුවන බලපෑමත් ප්‍රධාන වශයෙන් පරීක්ෂා කෙරෙනු ඇති.
නාරා ආයතනය පැවසුවේ, 1998, 2016 හා 2023 වසරවලදී බලපෑ එල් නිනෝ තත්ත්වයන්වලදි මෙරට මුහුදු කලාපයේ උෂ්ණත්වය ඉහළ ගිය බවයි.
ඒ හේතුවෙන් ශාක ප්ලවාංග තර්ජනයට ලක්වු අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ මෙරට මුහුදු තීරයේ මාළු අස්වැන්න පහළ යෑමයි.
සමීක්ෂණය සඳහා චන්ද්‍රිකා දත්ත මෙන්ම මෙරට මුහුදු සීමාවේ සංවේදි කලාපවල ස්ථාපිත කෙරෙන උෂ්ණත්වය මැනීමේ උපකරණවලද සහය ලබා ගැනෙනු ඇති.
එල් නිනෝ බලපෑමෙන් මෙවරද Sea of Sri Lanka මුහුදු තීරයේ උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
නාරා ආයතනය පැවසුවේ, එලෙස උෂ්ණත්වය ඉහළ ගියහොත් ශාක ප්ලවාංග බලපෑමට ලක් වී ඒවා ආහාරයට ගන්නා කුඩා මත්ස්‍යයින් සාගර ජලයේ උණුසුම අඩු වෙනත් මුහුදු ප්‍රදේශ කරා යොමු වීමේ ප්රවාණතාවක් පවතින බවයි.
එසේ වුවහොත් එම කුඩා මසුන් ආහාරයට ගන්නා විශාල මත්ස්‍යයින් ද මෙරට මුහුදු ප්‍රදේශ වල හිඟවනු ඇති.
