.webp)
-600512.jpg)
COLOMBO (News 1st) - පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ පරීක්ෂා කිරීමේ වැඩපිලිවෙලක් අද දිනය පුරා ක්‍රියාත්මක වේ.
ඒ ජාතික ළමා සතියට සමගාමීවය.
පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ වලින් ගුණාත්මක සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් එම පරීක්ෂා කිරීම් සිදුකරන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා සඳහන් කළේ ය.
