.webp)
COLOMBO (News 1st) - දරුවන්ට ආදරය සහයෝගය සහ ආරක්ෂාව ලබා දීමට යළි ප්‍රතිඥා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ දරුවන්ගේ ප්‍රීතිමත් සිනහව ජාතියේ බලාපොරොත්තුව සහ ශක්තිය බවයි.
එමෙන්ම මෙරට ප්‍රගමනයට ලබාදුන් දායකත්වය වෙනුවෙන් වැඩිහිටියන්ට ෙගෞරවය සහ කෘතවේදිත්වය පිරිනමන බවද ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පැවසුවේ ය.
පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ කිසිදු දරුවෙකුට ජාතිය ,ආර්ථික තත්වය හෝ වෙනත් ඕනෑම සාධකයක් මත අධ්‍යාපනය අහිමි නොවිය යුතු බව තරයේ විශ්වාස කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
එහෙයින් මෙවර අයවැයෙන් ඔටිසම් ඇතුළු වර්ධන අක්‍රමිකතා සහිත දරුවන් සඳහමා සෞඛ්‍ය අධ්‍යාපනය සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇති බවයි.