කාන්තා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියා-නවසීලන්ත තරගය අද

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගය අද

by Staff writer 01-10-2025 | 10:32 AM

COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ.

ඉන්දියාවේ ඉන්දෝර්හිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද (01) පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 59කින් ජය ගත්තා ය.

ගුවහාටිහිදි පැවති තරගයට අවස්ථා දෙකකදී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පැවැත්වුණේ ඉනිමක් පන්දුවාර 47කට සීමා වූ කරමින්.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 47 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 269ක්.

ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 47කදී හිමි වූ ඉලක්කය ලකුණු 271ක්.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 211ක් පමණයි.

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සියළු තරග සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ නැරඹිය හැකියි.