ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන්ට මොකද වෙන්නේ?

ගාසා තීරයේ රඳවා සිටින සියලු ප්‍රාණ ඇපකරුවන් ඉදිරි දිනවල නිදහස් කරනු ඇතැයි ඊශ්‍රායල අගමැති කියයි

by Staff writer 05-10-2025 | 8:48 AM

COLOMBO (News 1st) - ගාසා තීරයේ රඳවා සිටින සියලු ප්‍රාණ ඇපකරුවන් ඉදිරි දිනවල නිදහස් කරනු ඇතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සාම සැලැස්මේ ඇතැම් කරුණුවලට හමාස් සංවිධානය එකඟ විමත් සමඟයි

ගාසා සාම සැලැස්මේ තාක්ෂණික කරුණු සාකච්ඡා කිරිමට සිය කණ්ඩායමක් ඊජිප්තුවට පිටත් කර යවා තිබේ.

ගාසා සටන් විරාමය පිළිබඳ සාකච්ඡා, හෙට ඊජිප්තුවේදී ආරම්භ වේ.

ගිවිසුමේ කොන්දේසි වලට අනූව හමාස් සංවිධානය නිරායුධ වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ය.

මේ අතර හමාස් සංවිධානය නිවේදනය කළේ අමෙරිකානු සාම සැලැස්ම යටතේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකඟ වුවද, නිරායුධකරණයකට එකඟවී නොමැති බවයි.