කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර.

by Staff writer 08-10-2025 | 10:08 AM

COLOMBO (News 1st) - කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින්ගේ පැමිණිමේ හා පිටවීම සලකුණු කිරිම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, සෑම අංශයක්ම ආවරණය වන පරිදි ඒ සඳහා ඇගිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කළ බවයි.

ඒ අනුව ඉදිරියේදි අතිකාල ගණනය කිරීම් එහි සටහන් වන දත්ත මත සිදු කරනු ඇති.

තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ, සියලු පාලන කාර්යාලවලද මේ වනවිට ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කර ඇති බවයි.

මීට අමතරව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු පළාත් කාර්යාල, හා තැපැල් කාර්යාලවලද ඇඟිලි සලකුණු යන්ත්‍ර පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බව තැපැල්පතිවරයා සඳමන් කළේ ය.

විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාවල නිර්දේශ පදනම් කර ගනිමින් ඇගිලි සලකුණු යන්ත්‍ර පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තැපැල් වෘත්තීය සමිති ගණනාවක් පසුගිය කාලයේ වැඩවර්ජනයක නිරත වූයේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇගිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ය.