.webp)
-604454.jpg)
ඒ මන්දනාගේ පියාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි.
මන්දනාගේ කළමනාකරු තුහින් මිශ්‍රා සඳහන් කළේ , මන්දානාගේ පියා වන ශ්‍රීනිවාස් මන්දානා සිය දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම හෘදයාබාධයකට ගොඳුරු වූ බව යි.
මේ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විවාහ උත්සවය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මන්දනාගේ කළමනාකරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා.
"මන්දනා එයාගේ තාත්තාට ගොඩක් සමීපයි. තාත්තා සනීප වෙනකම් මේ විවාහය දින නියමයක් නැතුව කල් දාන්න එයා තීරණය කළා. එයා ඉක්මණින් සුව වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා"
ඇයගේ පියා මේ වන විට රෝහල්ගතව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
