චෙස් ක්‍රීඩාවෙන් ඔෂිනි ගුණවර්ධන ලොව පළමු තැනට

චෙස් ක්‍රීඩාවෙන් ලක්මව බැබළවූ ඔෂිනි ගුණවර්ධන 13න් පහළ බාලිකා අංශයේ ලොව පළමු වැනියා බවට පත්වෙයි

by Staff writer 13-12-2025 | 5:46 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ඔෂිනි ගුණවර්ධන ලෝක චෙස් සංගමයේ ශ්‍රේණිගතකිරීම් අනුව වයස අවුරුදු 13න් පහළ බාලිකා ලොව පළමු වැනියා බවට පත් වී තිබේ.

ඒ දෙසැම්බර් 1වැනිදා දක්වා පැවැති තරගාවලිවලදී දැක් වූ දක්ෂතා සමගයි.

සෑම මාසයකම ලෝක චෙස් සංගමය ශ්‍රේණිගතකිරීම් යාවත්කාලීන කරන අතර ඒ අනුව මෙවර ඔෂිනි වයස අවුරුදු 13න් පහළ බාලිකා ලොව පළමු වැනියා බවට පත් වුණේ ලකුණු 2272ක් ලබා ගැනීමත් සමගයි.

දෙවැනි ස්ථානයේ ඉන්දීය ක්‍රීඩිකාවක් සහ තුන්වැනි ස්ථානයේ කසක්ස්ථාන ක්‍රීඩිකාවක් රැදී සිටියි.