රටම එකට ජාතික මෙහෙයුමෙන් සැකකරුවන්889ක් අත්අඩංගුවට

රටම එකට ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 889ක් අත්අඩංගුවට.

by Staff writer 13-12-2025 | 5:13 PM

COLOMBO (News 1st) - රටම එකට ජාතික මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 889 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , ඊයේ(12) දිනයේ දිවයින පුරා කළ මෙහෙයුම් වලදියි.

එහිදි වැටලීම් 888ක් සිදුකර ඇති අතර රැදවුම් නියෝග ලබා ගත් සැකකරුවන් ගණන 18 කි.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් 38 දෙනෙකු පුනරුත්තාපනයට යොමුකළ බවයි.

සැකකරුවන් සන්තකයේ තිබි අයිස් , හෙරොයින් , ගංජා සහ මත්පෙති සොයාගෙන තිබේ.