ශ්‍රීලංකාවට එරෙහි තරගයෙන් එංගලන්තයට ලකුණු 12ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි තුන්වැනි 20/20 තරගයෙන් එංගලන්තයට ලකුණු 12ක ජයක්.

by Staff writer 04-02-2026 | 7:09 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එංගලන්තය තරග 3ට 0ක් ලෙස ජය ගත්තේ ය.

ඒ තරගාවලියේ තුන් වැනි තරගය ලකුණු 12කින් ජය ගනිමින් ය.

මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ‍යේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 128කි.

දුෂ්මන්ත චමීර කඩුලු 5ක් දවා ගත්තේ ය.

ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 116ක් පමණයි.