T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව පෙරළියක් කරයි...

මෙවර T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව පෙරළියක් කරයි - හිටපු එංගලන්ත නායක නසාර් හුසේන්ගෙන් අනාවැකියක්

by Staff writer 26-01-2026 | 1:06 PM

COLOMBO(News1st) - එළැඹෙන පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය අපේක්ෂාවන් අභිබවා යනු ඇතැයි තම විශ්වාසය බව හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයකු හා ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු වන නසාර් හුසේන් පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ශක්තිමත්, කුසලතාවන්ගෙන් හෙබි ක්‍රීඩකයින් බිහි වීමට ශ්‍රී ලංකාවේ හොඳ ක්‍රිකට් ව්‍යූහයක් පවතින බවද නසාර් හුසේන් පෙන්වා දෙනවා.

පසුගිය වකවානුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ තරගාවලි වලදී පසුබෑමක් පෙන්නුම් කළද වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම, මෙවර යම් පෙරලියක් කරනු ඇතැයි තමාට දැනෙන බව හුසේන් වැඩිදුරටත් පවසනවා.