.webp)
-610389.jpg)
COLOMBO(News1st) - ලොව සුප්‍රසිද්ධ 'ටික්ටොක්' (TikTok) සමාජ මාධ්‍ය ජාලයේ මව් සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) පසුගියදා සිය නවතම AI Video Generator මෙවලම වන Seedance 2.0 එළිදැක්වීමත් සමග හොලිවුඩ් සිනමා ලෝකයේ මෙය දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. සරල වචන කිහිපයකින් (Simple Text Prompts) අතිශය තාත්වික වීඩියෝ නිර්මාණය කළ හැකි මෙම මෙවලම, සිනමාවේ අනාගතය පිළිබඳ බරපතල සැක සංකා මතු කර තිබෙනවා.
බයිට්ඩාන්ස් යනු චීනයේ බීජිං නුවර මූලික කරගත් මේ වනවිට ලෝකයේ ඇති වටිනාම තාක්ෂණික සමාගමකි. ඔවුන්ගේ වඩාත්ම සාර්ථක නිෂ්පාදනය වන්නේ 'ටික්ටොක්' ය. බයිට්ඩාන්ස් සතුව ඇති අතිශය දියුණු ඇල්ගොරිදමයන් (Algorithms) මගින් මිනිස් රුචිකත්වයන් හඳුනා ගන්නා අතර, එම දත්ත පදනම් කර ගනිමින් කෘත්‍රිම බුද්ධිය (AI) මගින් වීඩියෝ නිර්මාණය කිරීමේ තාක්ෂණයක් දක්වා ඔවුන් මෙම Seedance 2.0 දියුණු කර ඇත.
සීඩෑන්ස් 2.0 (Seedance 2.0) මගින් හොලිවුඩ් තරු වන ටොම් කෲස් (Tom Cruise) සහ බ්‍රැඩ් පිට් (Brad Pitt) සැබෑ ලෙසම සටන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සංසරණය (Viral) වීමත් සමඟ මෙම විරෝධය සමාජ මාධ්‍යවල දැඩි කතාබහකට ලක්විය.
- ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය (Copyright Violations): ඩිස්නි (Disney) සහ පැරාමවුන්ට් (Paramount) වැනි දැවැන්ත චිත්‍රාගාර චෝදනා කරන්නේ බයිට්ඩාන්ස් විසින් ඔවුන්ගේ සිනමාපට දත්ත ලෙස භාවිත කර මෙම AI මෙවලම පුහුණු කර ඇති බවයි.
-රංගන ශිල්පීන්ගේ අනන්‍යතාවය සොරා ගැනීම:
නළුවන්ගේ පෙනුම සහ හඬ ඔවුන්ගේ අවසරයකින් තොරව AI මගින් ප්‍රතිනිර්මාණය කිරීම නිසා ඔවුන්ගේ වෘත්තීය අයිතීන් උල්ලංඝණය කර ඇත.
- රැකියා අහිමිවීම්:
වීඩියෝ පසුබිම් දර්ශන (B-roll) සහ විශේෂ ප්‍රයෝග නිර්මාණය කිරීම සඳහා මින් ඉදිරියට මිනිස් ශ්‍රමය අවශ්‍ය නොවන තත්ත්වයක් උදා වී තිබීම.
ByteDance (China) සමාගමේ Seedance 2.0: කෙටි කාලයකින් වීඩියෝ නිපදවිය හැකි වීම සහ ටික්ටොක් සමඟ ඇති සබඳතාව.
- OpenAI (USA) සමාගමේ Sora:
අතිශය තාත්වික බව සහ භෞතික විද්‍යාත්මක නිරවද්‍යතාවයෙන් උපරිම වේ.
- Kuaishou (China) සමාගමේ Kling AI:
අතිශය තාත්වික මිනිස් චලනයන් (Complex Human Physics) සහ චලන පාලනය (Motion Brush)
- Runway (USA) සමාගමේ Runway Gen-3:
සිනමාකරුවන්ට අවශ්‍ය විශේෂිත පාලන ක්‍රම (Camera controls) සහිත වීම.
මේ වනවිට ඩිස්නි සමාගම විසින් බයිට්ඩාන්ස් සමාගම වෙත නීතිමය කටයුතු සදහා නිවේදන නිකුත් කර ඇති අතර, තමන්ගේ ප්‍රකාශන හිමිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටී. බයිට්ඩාන්ස් පවසන්නේ තමන් බුද්ධිමය දේපළ අයිතීන්ට ගරු කරන බවත්, මෙවලම තුළ ආරක්ෂිත පියවර ශක්තිමත් කරන බවත්ය.
කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ මෙය "හොලිවුඩ් සිනමා ලෝකයේ අවසානයේ ඇරඹුමක්" විය හැකි බවයි. තාක්ෂණය මඟින් ඕනෑම අයෙකුට නිවසේ සිට චිත්‍රපට නිපදවිය හැකි යුගයක් උදා වීමත් සමග, ලෝක සිනමා කර්මාන්තය මුළුමනින්ම වෙනස් වනු ඇත.
