මැදපෙරදිග දක්වා ගුවන් ගමන් 208ක් අවලංගුයි

පවතින තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් 208 ක් මේ වන විට අවලංගුයි - සිවිල් ගුවන් සේවා අධිකාරිය

by Staff writer 03-03-2026 | 5:08 PM

COLOMBO (News 1st) - මැදපෙරදිග දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් 208ක් මේ වන විට අවලංගු කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මින්ද රඹුක්වැල්ල සඳහන් කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂණ විශ්ලේෂණ සිදුකර අවසන් වනතුරු එම තීරණය ගත් බවය.

කෙසේ වෙතත්, ලන්ඩන් නුවර, ප්‍රංශයේ පෑරිස් , ඕස්ට්‍රේලියාව, චිනය, මලයාසියාව, පාකිස්ථානය, ඉන්දියාව වැනි රටවල් සහ නගර වෙත තවදුරටත් ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.

ඕමාන් රාජ්‍යවේ ගුවන් කලාපය විවෘත කිරීම හමුවේ, අද අළුයම එක් ගුවන් යානයක් ඕමානය බලා පිටත්ව ගිය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන ලදි.