.webp)
 (1)-511737-575251-611397.jpg)
COLOMBO (News 1st) - ප්‍රදේශ රැසක වායු දූෂණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
එම ආයතනය පැවසුවේ, දකුණු ආසියාතික රටවල පවතින වායු දූෂණ තත්ත්වයත් සමග පවතින සුළං රටාව එම තත්ත්වයට හේතු වී ඇති බවයි.
කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය ඉහළ ගොස් තිබූ අතර කෝට්ටේ ප්‍රෙද්ශයේ අගය දැක්වුණේ ඒකක 127ක් ලෙසයි.
එය සාමාන්‍යයෙන් පැවතිය යුත්තේ එකක 50ට අඩු අගයකයි.
කොළොන්නාවේ අගය ඒකක 100ක් ලෙස අද උදෑසන කාලයේ සටහන් විය.
අනුරාධපුර ඒකක 60ක් සහ ගාල්ල ඒකක 81 ක් ලෙසද වායු දූෂණ මට්ටම සටහන් වෙයි.
මේ හේතුවෙන් සංවේදී පුද්ගලයින් සහ රෝගාබාධ සහිත පුද්ගලයින් අවදානයෙන් කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙයි.
