ජනපති සහ ලංවිම සියලු වෘත්තිය සමිති අතර සාකච්ඡාවක්

ජනපති සහ ලංවිම සියලු වෘත්තිය සමිති අතර සාකච්ඡාවක්

by Staff writer 13-03-2026 | 9:50 PM

COLOMBO (News 1st) - ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ සියලු ගැටලුවලට හැකි ඉක්මණින් විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති හමුවෙමින් ය.

ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළේ ය.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සියලු පාර්ශ්වයන් මනා අවබෝධයෙන් කටයුතු කරමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට රජයට සහාය ලබා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි