.webp)

COLOMBO (News 1st) - විදුලි වෘත්තිය සමිති සමාජිකයින් සහ ජනාධිපතිවරයා අතර තවත් සාකච්ඡාවක් අද (13) පැවැත්වේ.
විදුලි වෘත්තිය සමිති 22 දෙකක නියෝජිතයින් එම සාකච්ඡාව සඳහා සහභාගිවන බව ලංවිම කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පැවසුවේ ය.
සිය විශ්‍රාම වැටුප් සහ විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත් සමග පිහිට වූ සමාගම්වල සිය ස්වාමිත්වය අහිමිවිම පිළිබඳව එහිදි සාකච්ඡා කිරීමට නියමිතයි.
