COLOMBO (News 1st) - එයාර් බස් ගනුදෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රු. මිලියන 60ක මුදලක් අවස්ථා තුනකදී ලබා දුන් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇතැයි, අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.
මේ අතර , එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබන 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.