ගෑස් රැගත් නෞකාවක් අද දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද(21) දිවයිනට ළඟා වෙයි...

by Staff writer 21-03-2026 | 7:57 AM

COLOMBO(News1st) - ගෑස් මෙට්‍රික් ටොන්  3900ක් රැගත් නෞකාවක් අද දිවයිනට ලගා වන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම පැවසුවේ, අද(21) පැමිණෙන නෞකාවත් සමග මේ මාසයට අදාළව ගෑස් නෞකා 7ක් දිවයිනට පැමිණ ඇති බවයි.

ඒ අනුව මේ වනවිට මේ මාසයට අදාළව පැමිණි ගෑස් ප්‍රමාණය ම්‍රෙට්‍රික් ටොන් 27 300ක්

මේ අතර මේ මාසයට අදාළව තවත් නෞකා 3 දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පැවසීය.