.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගාල්ල, මාතර, කළුතර ,රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
