.webp)
-612966.jpg)
කොලොම්බියාවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටී ඊයේ සිදු වූ අනතුරින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ හමුදා සාමාජිකයින් 114 දෙනෙකු, සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 125 දෙනෙකු ගමන් කර ඇති බවයි.
ඊයේ අනතුරට ලක්ව ඇත්තේ කොලොම්බියා ගුවන් හමුදාවට අයත්, අමෙරිකාවේ නිෂ්පාදිත C130 හර්කියුලිස් වර්ගයේ ගුවන් යානයක්.
එහි සුන්බුන් අතර සිරවී සිටි 48 දෙනෙකු මුදාගෙන රෝහල් ගත කර ඇති අතර අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
පේරු දේශසීමාවට ආසන්න පුවෙටෝ ලෙගිසාමෝ නගරයෙන් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් තුළ ගුවන් යානය කඩා වැටී ඇතැයි තොරතුරු වාර්තා වේ.
කොලොම්බියාවේ ආරක්ෂක අමාත්‍ය පෙද්රෝ සැන්චේස් සඳහන් කළේ, යානයේ කඩා වැටීමෙන් ඇති වූ ගින්න හේතුවෙන් එහි රැගෙන ගිය පතොරම් ද පුපුරා ගොස් ඇති බවයි.
යානය කඩා වැටීමට හේතුව සතුරු ප්‍රහාරයක් විය නොහැකි බවත්, සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයක් සමග යානය ගුවන් ගත කිරීමට සුදුසු තත්ත්වයේ පැවති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ නමුත් අනතුරට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
