හලාවත දුම්රිය ස්ථානය අසළ දුම්රියක් පීලි පනී...

හලාවත දුම්රිය ස්ථානය අසළ දුම්රියක් පීලි පනී...

by Staff writer 01-06-2026 | 3:52 PM

COLOMBO(News1st) - හලාවත දුම්රිය ස්ථානය අසළ දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ පැවසුවේ, ඒ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි.

එම පීලි පැනීමට ලක්වූ දුම්රිය ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.